පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වීම පිළිබද කනස්සල්ල පළ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම පියවර මැතිවරණය කල්දැමීමට හේතු විය හැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ මීට පෙර ද මැතිවරණ ක්‍රම සංශෝධනවලට එළඹීම හමුවේ මැතිවරණ ක්‍රියාවලිය අඩපන වූ බවත් ඒ තුළින් ප්‍රමාදයන් සිදු වූ බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2024/03/ROHANA-HETTIARCHCHI-EDIT.mp3?_=1

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සදහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් 160 ක් මැතිවරණ ක්‍රමයට පත්කර ඉතිරි 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතිකව තෝරාගැනීම සදහායි එහිදි යෝජනා වී තිබුණේ.

 

WhatsApp Group

Skip to content