මැතිවරණ කල් දමමින් ජාතික ජනබලවේගයේ නැගිටීම අඩපණ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළද ලබන වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්්‍යයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජනබලවේගයේ ඌව පරණගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

ඒ අනුව ලබන වසරේ ඔක්තෝම්බර් මස 17 වන දාට පෙර ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ අනුව ලබන වසරේ අගෝස්තු මාසය වන විට ජනාධිපති මැතිවරණය කැඳවිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/09/ANURA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content