මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමුකර තිබෙනවා .

ඒ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමගයි .

අදාළ ලිපිය යොමුකර ඇත්තේ සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙතයි .

එහි දැක්වෙන පරිදි සියලු සේවකයින්ට හෙට දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරීද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා .

සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපියේ දැක්වෙනවා .

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු වනවා .

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු බවද එහි සදහන් .

කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන් වනවා .

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා .

මේ අතර ඊයේ දිනයේදීත් මෙවර පළාත් පාලන මැතිවරණය පිලිබදව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් පල කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ,සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ලේකම් සුජීව සේනසිංහ , ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ,නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුන් .

 

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content