පළාත් පාලන මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කළ ලිපියට අදාළ සිය ප්‍රතිචාරය මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මැතිවරණය සදහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් පසුගිය 24 වනදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් කතා නායකවරයාට අදාළ ලිපිය යොමු කර තිබුණා.

මේ අතර පළාත් පාලන මැතිවරණය වසර 2ක් දක්වා කල් යෑමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ මේ තුළින් රට නිලධාරි පාලනයක් කරා ගමන් කරන බවයි.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHI-EDIT.-01-.mp3?_=1

 

WhatsApp Group

Skip to content