මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කලේ ඊට අවශ්‍ය සහාය පොලිසිය මගින් ලබා දෙන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ලිපියක් මගින් දැනුම් දුන් බවයි ඒ මහතා සන්ධ්න් කලේ.

මැතිවරණයෙහි ආරක්ෂක විදි විදාන පෙර දී මෙන් ම මෙවරත් ක්‍රමවත්ව පනවන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

මැතිවරණ කොමිසම සමග පවතී සාකච්චාවකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content