මැතිඇමතිවරුන් 56 දෙනෙකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 37ක පමණ මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවේ සඳහන් වනවා.

පසුගිය 2015 වර්ෂයේ සිට එන, ලක්ෂ 14කට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව  එම වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන්.

ජයවඩනගම නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන්.

තවද ආයතන 32කින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාවල සඳහන්.

WhatsApp Group

Skip to content