‘බරපතළ බැක්ටීරියා ආසාදනයකින්’ රෝගී වූ මැඩෝනා සුවය ලබා යළි නිවසට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

64 හැවිරිදි ඇය මෙලෙස රෝගී වූයේ, එළඹෙන සති කිහිපයෙන් පසු මාස 7ක දීර්ඝ විදෙස් සංචාරයක් ආසන්නයේ.

ඇයගේ කළමනාකරු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය බරපතළ රෝගී තත්ත්වයක පසුවූ බවයි.

සංගීත දිවියේ 40 වන වසර සමරමින් මැඩෝනා කැනඩාවෙන් ආරම්භ කර, ලෝකය පුරා තවත් නගර 45ක සංගීත සංදර්ශනවලට සහභාගි වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, රෝගී තත්ත්වය නිසා එම සංචාරය කල් දැමීමට සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content