ග්ලේන් මැක්ස්වෙල්ගේ වාර්තාගත සුපිරි පිතිහරඹය හමුවේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි විස්සයි විස්ස තරඟයෙන් කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගායික්වඩ් පන්දු 57දී නොදැවී ලකුණු 123ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 225ක් ලබා ගණිමින් තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඕස්ටේ‍රලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ ග්ලේන් මැක්ස්වෙල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

පන්දු 47දී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ශතකය වාර්තා අතරට එක් වුණේ ඕස්ටේ‍රලියානු ක්‍රීඩකයෙන් පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී රැස් කළ වේගවත්ම ශතකය ලෙසයි.

දෙරට අතර පැවැත්වෙන තරඟ 5න් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මේ වන විට තරඟ 2ට 1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් පසු වනවා.

WhatsApp Group

Skip to content