පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දිනයේදීත් මාළු මිල ගණන් ඉහළ අගයක පවතින බව වාර්තා වනවා.

ඒ අනුව තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 3,000 ක්ද, කෙලවල්ලා මාළු කිලෝවක තොග මිල රුපියල් 1,500 ක්ද, තලපත් කිලෝවක තොග මිල රුපියල් 1,700 ක් ලෙසද දැක්වෙනවා.

එමෙන්ම හාල් මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 500 ක්ද, ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,300 ක්ද, සාලයින් කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයක ද පවතිනවා.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද තවදුරටත් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර බෝංචි කිලෝවක මිල අලෙවි වී ඇත්තේ රුපියල් 500 ක මිලකටයි.

මාස කිහිපයක සිට දිවයින පුරා පැවති අධික වර්ෂාවත් සමග වගාවන්ට සිදු වූ හානි හේතුවෙන් වෙළදපොලට ලැබුණු අස්වැන්නේ අඩුවීමක් ද දක්නට ලැබුණු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

ඉදිරියේදී වෙළදපොලට අස්වනු ලැබීමත් සමග සීග්‍රයෙන් එළව`ඵ මිල පහත යනු ඇති බවටයි එම අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content