පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ වන අලි මිය යාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වසරේ ගත වු මාස හතර තුළ වන අලි 143 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන්.

එම අලි මරණ අතුරෙන් වෙඩි තැබීම්වලින් මරණ 37 ක් ද විදුලි සැර වැදීම්වලින් මරණ 27 ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06 ක් ද සිදුව තිබෙනවා.

එමෙන්ම වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ද මේ වසරේ ගත වූ මාස හතර තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

WhatsApp Group

Skip to content