මෙම වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් හත් ලක්ෂ 63,000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවයි ඇය සදහන් කලේ.

රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

ඇය මෙම අදහස් පළ කළේ,ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/08/DIYANA-GAMAGE-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content