ඔස්ටේ්‍රලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියා.

ඔවුන් ඊයේ (03) රාත්‍රී 10.55 ට ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ.

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක කියා සිටියේ පසුගිය මාස එකොළහක කාළය තුළ ඕස්ටේ්‍රලියාවේ සහ ශ්‍රී ලංකාවේ තමා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බවයි.

එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව ඔහු කියා සිටියා.

එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණුවීම්වල නිරතවීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content