ලංකා විදුලි බල මණ්ඩලය භාරයේ තිබෙන මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. ආයතනය විසින්.

එම ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 25ක් යොදවා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා.

අදාළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා එම සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන ඇමැති වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content