මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා.

ඔවුන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 15 ක් පමණ ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

මේ අතර අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 ඇතුළත මාවුස්සාකැලේ ජලාශ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට මිලී මීටර් 27 ක වර්ෂාවක් ලැබී ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ජල විදුලිබලාගාර 04 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content