මාලි රජ්‍යයේ හමුදා කඳවුරකට සහ බෝට්ටුවකට සන්නධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු සහ හමුදා සෙබලුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී එල්ල කළ ප්‍රති ප්‍රහාර හමුවේ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයකයන් 50 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම බෝට්ටුව නයිජර් ගඟේ ගමන් කරමින් සිටියදී ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහිදී ජීවිත බේරාගත් පුද්ගලයන් එරට හමුදාව විසින් ගොඩබිමට රැගෙන ඒමටද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content