මහනුවර, කුණ්ඩසාලේ පදිංචි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා.

පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ඇය කුණ්ඩසාලේ ප්‍රදේශයේ සිය අනියම් සැමියාගේ නිවසේ සිට ඇති අතර පසුව වැටී තුවාල වූ බව පවසමින් අදාළ පුද්ගලයා ඇයව මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

කෙසේවෙතත් රෝහලට ඇතුලත් කිරීමේදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකය හේතුවෙන් රෝහල විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් 50 හැවිරිදි සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

WhatsApp Group

Skip to content