ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පිරිසක් නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද අලුයම පිටත්ව ගිය මෙම පිරිසට ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළත්.

මෙම පිරිස හෙට දිනයේදී නිල හමුවක් සිදුකිරීමට ද නියමිතයි.

WhatsApp Group

Skip to content