මාලදිවයින බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොල වෙත ගාඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා ඊයේ උදෑසන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන් ස්වල්ප වේලාවකට පසු කාර්මික දෝශයකට ලක්ව ඇති අතර ඒ අනුව මෙලෙස ගුවන් යානය නැවත ගොඩ බැස්වීමට කටයුතු කළ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

මෙම අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 201 දෙනෙකු සිට තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් අතර සිටි ඉතා කඩිනමින් මාළදිවයින වෙත යාමට අවශ්‍යතා තිබූ මගීන් කටුනායක සිට මාළදිවයින බලා පිටත්ව යන වෙනත් ගුවන් සේවා යානා වලින් එරටට යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

 

WhatsApp Group

Skip to content