මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂෙරීනා අබ්දුල් (Sheryna Abdul) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

මෙහිදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකරන ලදී.

එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කළේය.වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු විය.

WhatsApp Group

Skip to content