මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇති අතර පෙබරවාරි මාසයේ දී එම උද්ධමනය  අනුපාතය 5.1% ලෙස පැවති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති අතර ආහාර නොවන උද්ධමනය 0.7% දක්වා පහළ ගොස් තිබෙන බවයි.

2022 දී ශ්‍රී ලං⁣කාවේ උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසයි.

උද්ධමනය පහළ යාම මගින් භාණ්ඩ මිල ක්ෂණික අඩුවීමක් සිදු නොවුණ ද මිල ඉහළ යාමේ සීඝ්‍රතාව මන්දගාමී වීමක් සිදු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

WhatsApp Group

Skip to content