මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව තිබියද මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මාර්තු මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, දැනට පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

කෙසේවෙතත් මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැත.

WhatsApp Group

Skip to content