මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය  සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

ඇය වැඩිදුරත් කියා සිටියේ මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවයි .

මේ අතර, අපරභාග 2.41 ට පුණ්‍ය කාලය උදාවීමත් සමඟ කෙටි ගමන් සේවා බස් රථ ධාවනය නතර කරන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  පවසනවා.

ඔහු සඳහන් කළේ යළි කෙටි ගමන් සේවා බස් රථ ධාවනය හෙට  උදෑසන සිට ආරම්භ කරන බවයි.

WhatsApp Group

Skip to content