මාර්ග කිලෝමීටර් 1500ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම, පනාගොඩ – පැලෑදගොඩ රණවිරු ගම්මානයේ මැද රවුම් පාර සංවර්ධනය කිරීම ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් ඇතුළු සාමාජිකයින් වෙනුවෙන් වසර 25 කට පමණ පෙර ස්ථාපනය කරන ලද මෙම ගම්මානයේ මාර්ග ප්රතිසංස්කරණයක් පසුගිය කාලය පුරාවටම සිදුවී නොමැත. ඒ හේතුවෙන් ප්රදේශයේ ගමනාගමනය ඉතාමත් දුෂ්කර තත්ත්වයට පත්ව තිබේ. මේ හේතුවෙන් ආබාධිත රණවිරුවන් ඇතුළු ප්රදේශවාසීන් පත්ව තිබෙන දුෂ්කර තත්වය පිළිබඳව ප්රදේශයේ රණවිරු සුභසාධක සමිතිය මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ග සංවර්ධන ව්යාපෘතිය ආරම්භ කරන ලදි. ප්රවාහන හා මහ මාර්ග අමාත්යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කෙටි කලක් තුළ මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කෙරුණු මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහනට හෝමාගම ප්රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය, ප්රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්ය නිලධාරීන්, ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content