මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මෙරට තුළ සිදු වූ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා විධි විධාන සැලැස්වීම මෙම පනත මගින් සිදු කෙරෙනු ඇති.

එමෙන්ම සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ ආධාර ලබා දීම මැඩපැවැත්වීමද මෙම කෙටුම්පත මගින් සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

 

WhatsApp Group

Skip to content