මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තින්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසිනි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවද පෙත්සම්කරු අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

WhatsApp Group

Skip to content