රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරම්මි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 03ක් ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, යුනෙස්කෝහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ විජයානන්ද ජයවීර මහතා සහ මාධ්‍ය නීති සංසදය විසින මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතල ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවයි.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම, නිදහසේ සිතීම යනාදි මූලික අයිතිවාසිකම්ද එමගින් උල්ලංඝනය වන බව පෙත්සම් වල සඳහන්.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content