ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

එමෙන්ම ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා.

WhatsApp Group

Skip to content