ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවයි.

ටික්ටොක් යෙදවුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම පිළිබඳ තමා එකඟ වන නමුත් ෆේස්බුක් ද අමෙරිකානු රජයට තර්ජනයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

2020 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී ටික්ටොක් තහනම් කිරීමට උත්සහ කර තිබිණි.

WhatsApp Group

Skip to content