අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ඉල්ලීමකට අනුව මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව හරහා ගාසා තීරයට යැවීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසි එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් සඳහා මෙලෙස ඊජිප්තුව හරහා ගාසා තීරයට යෑමට අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ඇති වූ මෙම ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3ක ජනතාව අවතැන් වූ අතර, ඔවුන්ට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා දීම ඊශ්‍රායලය නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම මානුෂීය අධාර ලබා දීමට කටයුතු කළ අතර, ඉදිරියේදී තවත් අධාර ලබා දිය හැකි බවට ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content