මාන්කුලම, ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද අලුයම වෑන් රථයක් ලොරි රථ දෙකක ගැටීමෙන් සිදු වූ මරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ඔහු ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content