මාන්කුලම් ප්‍රදේශයේ දෙවන කොටසේ රක්ෂිත ප්‍රදේශයක බිම් බෝම්බ නිෂ්ක්‍රිය කරමින් සිටි පිරිසක් එහි තිබු බිම් බෝම්බයක් සක්‍රිය වීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල, ලබා ඇත්තේ බෝමබ් ඉවත් කිරීමේ රාජ්‍ය නොවන ආයතනයකට අනුයුක්තව සේවය කළ කාන්තාවක් සිව්දෙනෙකු සහ එක පිරිමි පුද්ගලයෙක් බවයි මාන්කුලම පොලිසිය පවසන්නේ.

මෙම බෝම්බය යුධ සමයේ වළ දමා තිබු එකක් බවයි පොලිසිය සැකපළ කරන්නේ තුවාලකරුවන් තිදෙනෙකු බරපල තත්වයෙන් පසුවන අතර, ඔවුන්වැඩිදුර ප්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ද වැඩිදුර විමර්ශන මාන්කුලම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

WhatsApp Group

Skip to content