මාතර වෙරළ තීරයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අද උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියාසිටියා.

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු බව සඳහන්.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

 

WhatsApp Group

Skip to content