මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කාමරයක් තුල තිබී ගිනි අවියක්, පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .

මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය අදාළ පාසලේ කාමරයක සිවිලිමේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාමරය භාවිතයට නොගන්නා බවද අනාවරණය වී තිබෙනවා .

එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 20ක්, මිලි මීටර 3 යි දශම 2 කේ උණ්ඩ 24ක්, මිලි මීටර 9 උණ්ඩ 107ක් සහ ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමටයි පොලිසිය සමත් වී ඇත්තේ .

එමෙන්ම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී ඔභඔ බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයා ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content