රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසි විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත සිදුකළ වැටලීමකදීයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය සතුව තිබි රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයනවා.

WhatsApp Group

Skip to content