රාජාංගණය, අංගමුව, කලා ඔය, උඩවලව, තබ්බෝව සහ මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු රැසක් විවෘත කර තිබෙනවා .

මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මී ඔය, ඌරු බොකු ඔය, උඩවලව ඔය, කලා ඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ යනාදියෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර බදුල්ල, මහනුවර, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද  දිනය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.

මේ අතර අද  දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

 

https://www.vnews.lk/storage/2023/11/ATHULA-KARNANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content