මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 343ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම සියලු පැමිණිලි වාර්තා වී ඇත්තේ, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි වාර්තා වී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

ගෙවුණු පැය 24 තුළදී පමණක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 53ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර කිසිදු බලපෑමකින් තොරව රාජකාරී සිදුකිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට නිර්මාණය වී ඇති බව වැඩබලන පොලිස්පති , ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

මැතිවරණ නීති ක්‍රියාත්මක කිරිමේදී පොලිසියට පැවරෙන වගකීම පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content