පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 තෙක් ලබා දී තිබෙනවා.

නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙනු ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content