නියෝජ්‍ය කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 10.30 ට ආරම්භ වූ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පස්වරු 5 දක්වා පැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවද විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන්.

හෙට දිනයේදී බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම අද පෙරවරු 11.30 ට මුදල් කාරක සභාව ද රැස් වුණා.

එමෙන්ම අද දිනයේදී කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ නියෝජිතයින්ද කැදවා තිබෙනවා.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කඵතර රෝහල ඇතුඵව තවත් රෝහල් රැසක නිර්වින්දන ඖෂධ මෙන්ම තවත් ඖෂධ කිහිපයක හිඟතාවයක් පිළිබදව අනාවරණය කළා.

එමෙන්ම පවතින ඖෂධ විෂ වීම් හමුවේ මිය යන පුද්ගලයින් පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු නොකිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංගයට මේ වන විට අත්සන් තැබීම ආරම්භ කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියා.

මේ සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සහභාගි වීමට හැකියාව පවතින බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-4.mp3?_=1

විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මෙරටට ඖෂධ ගෙන්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් යටතේ මුදල් වෙන් කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPITIYA-EDIT-1.mp3?_=2

මේ පිළිබදව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙරට රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉතාමත් සැහැල්ලුවෙන් සිතීම කණගාටුදායක බවයි.

https://www.vnews.lk/storage/2023/07/ANURA-KUMARA-EDIT.mp3?_=3

මේ පිළිබදව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/RAJITHA-SENARATHNA-EDIT.mp3?_=4

එන්නත් විෂ වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ හෙට්ටිපොළ නගරයේ රෝහලකදී නිර්වින්දන එන්නත ලබාදුන් 15 දෙනෙකුගෙන් එක් දරුවෙකු මිය ගිය බවයි.

මෙම තත්ත්වයට කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් දැඩි අර්බුදයක් රට තුළ ඇති වන බවටයි දයාසරි ජයසේකර මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/DAYASIRI-JAYASEKARA-EDIT.mp3?_=5

 

WhatsApp Group

Skip to content