ශ්‍රී ලංකා මහ බැංකු අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප නොලැබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනවා.

 

WhatsApp Group

Skip to content