ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් තිබෙනවා.

එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවයි මහ බැංකුව පවසන්නේ.

පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්‍රමාණය සටහන් වූයේ ඇමරිකන් ඩොලර් මිලියන 3,491 ක් ලෙසයි.

එය ජූනි මාසයේදී ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී තිබෙනවා.

මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේදී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 3,445 සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යාමක් වනවා.

 

WhatsApp Group

Skip to content