ඇඟලුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබෙනවා.

මාර්තු 31 වෙනි දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ඇති බව සඳහන්.

2022 පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක් වී තිබූනා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1012.5ක් උපයාගෙන ඇති අතර මෙම වසරේ මුල් මාස දෙකේදී එය ඩොලර් මිලියන 855.7 දක්වා අඩු වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content