ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීම තහනම් කර තිබෙනවා.

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් මහතා මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ලිපියක් ඉදිරිපත් කරමින් මේ පිලිබඳ දැනුම් දී ඇති බව සඳහන්.

ගොවීන් වී වේලීම සඳහා මාර්ග භාවිත කිරීම තුලින් රථ වාහන අනතුරු බහුල වන බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

මේ හේතුවෙන් මෙම කන්නයේ දී පමණක් උතුරු පළාත් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිය ලිපිය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම අධික රස්නය හේතුවෙන් මහපාරේ තාර විශේෂ රත් වී මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කීපයක් වී සමග එකතු වී එම රසායන ද්‍රව්‍ය සහල් සමගද මූසු වන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ සියළුම රසායන ද්‍රව්‍ය පිලිකාකාරක රසායන ද්‍රව්‍ය බැවින් නිලධාරීන් හා ජනතාව ඒ පිළිබදව දැඩි අවදානයකින් යුතුව පියවර ගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content