මහ මැතිවරණයට අදාළව ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අද රජයේ මුද්‍රණාලය වෙත භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ පිළිබද අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා ඊයේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබුණා.

මෙවර මැතිවරණයේදී ඡන්දදායකයෙකු වෙනුවෙන් එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 109කට අඩු අගයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මැතිවරණ කොමිසමට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ අදහස් පලකළා.

WhatsApp Group

Skip to content