මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට වීරකැටිය ප්‍රදේශයේදී එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බවයි.

WhatsApp Group

Skip to content