2023 මහ කන්නයේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන්කර තිබෙනවා.

එයින් රුපියල් බිලියන 2.3 ක් මේ වන විට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එම මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගත් බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

එමෙන්ම රජය විසින් ලබා දීමට නියමිත රුපියල් බිලියන 10 න් තවත් රුපියල් බිලියන 5 ක් මෙම වසර අවසන් වීමට ප්‍රථම ගොවි ගිණුම්වලට ලබා දීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

WhatsApp Group

Skip to content