2023-2024 මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ඊයේ දිනය වන විට රුපියල් බිලියන 9.6 ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ගොවි ජනතාවගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට පියවර ගත් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් ගොවි ජනතාව සදහා රුපියල් මිලියන 1.2 ක මුදලක් ලබා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content