මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙටි්‍රක් ටොන් 21,000ක් අද සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී තිබෙනවා .

ඒ අනුව යුරියා පොහොර මෙටි්‍රක් ටොන් 21,000ක් අද සිට බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකියාව පවතිනවා .

මේ අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.

මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව පොහොර ලබා දීම සදහා රජයට අයත් පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය මගින් කටයුතු යොදා තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content