2022/23 මහ කන්නයේදී කාබනික පොහොර මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 16000ක් වෙන් ක ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවද කාබනිකපොහොර මිලදී ගැනීම සඳහා තමන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහයෝගය පළ කළ බවයි.

එසේම මහ කන්නය සාර්ථක කර ගැනීම පිණිස ගොවි ජනතාවට ලබාදිය  හැකි උපරිම සහයෝගය රජයක් වශයෙන් ලබාදී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවක් අතරතුරදීයි.

මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කමිටුව බැගින් පිහිටවූ බවත් එහිදී ගොවි සංවිධාන නියෝජිතයින්ට ද වගකීම් භාරදී තිබෙනවා.

ඒ අනුව තමන්ට කැමැති කාබනික පොහොර වර්ගයක් මිලදී ගැනීමට හැකියාව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව වී වගා කරනු ලබන හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් විසි දහසක්ද හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් හතළිස් දහසක්ද වශයෙන් ලබාදීමට පියවර ගැණුනා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ දිස්ත්‍රික් කමිටුව විසින් තම වගකීම් නිසි පරිදි සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි.

එසේම ඇතැම් කමිටු හරහා යම් යම් අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වුවද ප්‍රමිතියෙන්බාල කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගෙන ඇත්නම් ඊට ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවද වගකිවයුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ප්‍රමිතියෙන් බාල කාබනික පොහෙර සැපයීමට කටයුතු කළ සමාගම් කිහිපයක් අසාදු ලේඛන ගතකළ බවද අමාත්‍යවරයා පවසනවා.

ඇතැම් දිස්ත්‍රික් කමිටු නියෝජිතයින්ට මුදල් අල්ලස් වශයෙන් ලබාදී තම සමාගම්වල කාබනික පොහොර අලෙවි කර ගැනීමට ඇතැම් පොහොර සමාගම් පියවර ගත් බවට තමන් සතුව සාක්ෂි ඇති බවද මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමයේ නිලධාරීන් කියා සිටියා.

එවැනි තොරතුරු ඇත්නම් තම අමාත්‍යංශයට ලබාදෙන ලෙසත් 2023 යල කන්නයේදී වී වගාවට අමතරව අතිරේක බෝගවගාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

එසේම වී වගාවට අවශ්‍ය සියලුම රසායනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content