ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට ආසියානු කුසලානයේ අවසන් මහා තරගට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පාකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් තීක්ෂණ පන්දු රැකීමේදී පාදයේ ආබාධයකට ලක්ව තිබුණා.

මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content