මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අද සිය දූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මහින්ද සිරිවර්ධන මහතා විශාල දායකත්වයක් ලබාදුන් අයෙකු ද වනවා.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දින නව ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content